Pages

Saturday, December 31, 2011

වින්ඩෝස් එක්ක එන Malicious Software Removal Tool

Windows 7 දැන් අවුරුදු 3 ඉඳලා පාවිච්චි කලාට ළඟදි තමයි මම නම් දැනගත්තෙ Malicious Software Removal Tool එකක් Windows එක්කම තියෙනවා කියලා. ගොඩක් වෙලාවට Virus Guard එකක් පාවිච්චි කරන් නැති අයට වගේම සාමාන්‍ය antivirus software එකකින් detect කරන්නැති Malicious Software ලේසියෙන්ම Windows එක්ක එන මේ Tool එකෙන් detect කරගන්න පුළුවන්. අළුතෙන් කිසිම දෙයක් Install කරන්න අවශ්‍ය නෑ, Start Menu එකේ " mrt " කියලා type කරලා මේ Tool එක open කරගන්න පුළුවන්.

තව ටික වේලාවකින් උදාවන 2012 අළුත් අවුරුද්ද බ්ලොග් අවකාශයේ යාළුවො සියලු දෙනා ඇතුළු ලෝක වාසි සියළු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා සුබ පතනවා , ජය වේවා !!!


Thursday, December 29, 2011

Software එකක් Completely Uninstall කරමු

අපි install කරන software ආයිත් uninstall කරන්න ගියාම සාමාන්‍යයෙන් කරන්නෙ Control Panel එකට ගිහින් remove කරන එක. ඒත් Control Panel එකේ තියෙන අවුල තමයි install කරපු හැම software එකක්ම ඒකෙ පෙන්නන් නැති එක. ගොඩක් වෙලාවට games,third party tools වගේ ඒවා. ඒ වගේම ගොඩක් වෙලාවට uninstall කරපු software වලත් shortcuts,folders,registry files වගෙ දේවල් control panel එකෙන් remove වෙන් නෑ. ලේසියෙන්ම software එකක් completely remove කරන්න පුළුවන් software එකක් තමා
Your uninstaller කියන්නෙ. ඔයාලත් පාවිච්චි කරලම බලන්න. මේ Link එකෙන් Download කරගන්න.



Friday, December 16, 2011

Automatically Files Move කරමු

අදනම් මම ලියන්න යන්නෙ Desktop Gadget එකක් ගැන. මේකෙ නම තමා The Magic Folder. Manually Files ගොඩක් වෙන වෙන Folders වලට Move කරන්න ගියාම වෙන කරදරයට හොඳ විසඳුමක්. මේකෙ විශේෂත්වය තමයි ‍file වල extension එකට අනුව අපේ Files අපිට අවශ්‍ය Folders වලට Automatically Move කරගන්න පුලුවන්.



ඔයාලට කරන්න තියෙන දේ තමයි මේ Gadget එක උඩට Move කරගන්න ඕනි File එක , එහෙම නැත්තම් Files තියෙන Folder එක එහෙම් පිටින්ම Drag කරලා දාන්න. එතකොට Automatically Files ටික Folders වලට Move වෙයි manually බල බල Copy කරගන්න ඕනි නෑනේ දැන්. මේක Windows 7 වල සහ Vista වලට Install කරන්න පුළුවන්. මේ Link එකෙන් Gadget එක Download කරගන්න. මතක ඇතිව Extension එකටඅදාල Files ටික Move කරන්න ඕනි Folders ටික Settings වලට ගිහින් හදාගන්න.


Folders Add කරන තැන                            Folder වලට අදාල extensions Add කරන තැන

                                   

Saturday, December 10, 2011

PDF Edit කරමු

මේ Post එකෙන් මම කියන්න යන Software එක නම්  ගොඩක් දුරට PDF Files එක්ක වැඩකරන අයට  ඕනි වෙන එකක්. සමහර අයනම් මේක පාවිච්චි කරලත් ඇති Software එකේ නම තමයි Nitro pdf  professional. මේක Microsoft Office වලට Add-ons එකක් විදිහට පාවච්චි කරන්නත් පුළුවන් නැතිනම් Software එකෙන්ම වැඩකරන්නත් පුළුවන්.  මේ Software එකෙන් ඕනිම PDF  එකක් ඔයාලට ඕනි Format එකකට (උදාරණයක් විදිහට Word Format, PowerPoint ) Convert කරගෙන Edit කරගන්න පුළුවන්. නැවත ලේසියෙන්ම PDF එකකට Convert කරන්නත් පුළුවන්. කෙටියෙන් කිව්වොත් ලේසියෙන්ම PDF Manage කරගන්න  පුළුවන්. මේ Link එකෙන් Software එක Download කරගෙන Install කරලම බලන්නකො. මතක ඇතිව Crack කරලා ඉන්න.

Microsoft  Word එකේදි පේන්නෙ මෙහෙමයි.


Thursday, December 8, 2011

Disk Analyzer Tool

මේ Post එකෙන් මම කියන්න යන Software එක නම් ටිකක් අමුතු ආකාරයක analyzing tool එකක්. මොකද මේ Software එක මගින් අපිට පුලුවන් ඕනිම Disk එකක් Layers විදිහට analyze කරලා බලන්න. අපේ Disk වල spaces වෙන් වෙලා තියෙන්නෙ කොහොමද , File Structure එක තියෙන විදිහ සෑහෙන හොඳට analyze කරලා පෙන්නනවා. පෙන්නන Layers Zoom කර කර වැඩි විස්තර බලාගන්නත් පුලුවන්. අනිත් දේ තමයි මේක Portable Software එකක්. මම පාවිච්චි කරපු Software අතරින් හොඳම Disk Analyze tool එක කිව්වොත් නිවරදියි. මෙන්න Link එක Download කරගෙනම බලන්නකො. Software එකේ නම තමා SpaceSniffer කලින් කියන්න අමතක වුනා .



Wednesday, December 7, 2011

File Convert

මේ post එකෙන් මම කියන්න යන්නෙ File Convert කරන්න පාවිච්චි කරන්න පුළුවන් Software එකක් ගැන. මේ  Software එකේ තිනෙන විශේෂ දේ තමයි ඕනිම වර්ගයක වගේ File Type එකක් අපිට අවශ්‍ය Format එකකට Convert කරගන්න පුළුවන් ලේසියෙන්ම.  නැත්තම් අපි ගොඩක් වෙලාවට එක එක File Types වලට වෙන වෙන Software තමා පාවිච්චි කරන්නෙ. උදාහණයක් විදිහට Video  Convert  වලට එක Software එකක් Image වලට තව එකක් Text වලට තවත් එකක්. වැඩි විස්තර කියන්න ඕනි නෑ ඔයාලා පාවිච්චි කරලම බලන්නකො. Software එකෙ නම තමා Format factory .  මේ Link එකෙන් Download කරගන්න.





Sunday, December 4, 2011

Deleted File Recovey

සමහර වෙලාවට අපි Files මකන්න ගියාම ඕනි Files එහෙමත් මැකෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවකට Delete වුන Files Recover කරගන්න හොඳ Software එකක් ගැන තමා මේ Post එක. අපි Files copy  කරගන්න ගියාම ( ගොඩක් වෙලාවට CUT > PASTE ) Files missing වෙන වෙලාවටත් මේ Software එක පාවිච්චි කරන්න  පුළුවන්. ඔයාලට ඕනි වුනොත්  අරන් බලන්න.

Software එකේ නම තමයි FinalData Enterprise 2.0 . මේ Link එකට ගිහින් Software එක Download කරගන්න පුළුවන්. Software එක Install කරද්දි Key එකක් ඉල්ලයි. මේ Link එකෙන් KeyGen  එක Download කරගන්න.
තව Softwares ගැන දන්න යාළුවො comment එකකුත් දාලම යන්න.

Wednesday, November 30, 2011

Blog Redirect

ඔයාලගෙ blogspot එක යටතේ තියෙන Blog එකක් ( E.g. itlashan.blogspot.com වගේ) වෙනත් URL එකකට Redirect කරගන්න විදිහ තමයි මේ post එකෙන් මම කියන්න යන්නෙ. ඒ URL එක තවත් blog address එකක් වෙන්නම ඕනි නෑ. තමන් ගත්තු domain එකක් වුනත් දාන්න පුළුවන්. ඒකට මුලින්ම කරන්න තියෙන්නෙ ඔයාලගෙ blog එක HTML view එකෙන් (template එක) edit කරන්න open කරගන්න.

දැන් මේ  " <meta content='0;url=http://http://YOUR URL HERE/' http-equiv='refresh'/> "  tag එක paste කරගන්න ඔයාලගෙ HTML code එකේ "<b:include data='blog' name='all-head-content'/> " tag එකට යටින්. දැන් මතක ඇතිව Redirect වෙන්න ඕනි URL එක "YOUR URL HERE "  තැනට දාන්න. " " මාර්ක්ස් නැතිව tag එක paste කරන්න. HTML view එකේ මේ වගේ තමා පේන්නෙ.




  

Tuesday, November 29, 2011

Hardware Details of Computer

සමහර වෙලාවට අපිට computer එකේ Hardware details බලාගන්න ඕනි වෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේ වෙලාවකට මම පාවිච්චි කරන්නෙ නම් cpuz කියන software එක.මේ software එකෙන් පහසුවෙන් cpu,cache memory, Motherboard,Ram,GraphicCard වල details බලාගන්න පුළුවන්.මේ Link එකට ගිහින් download කරලා පාවිච්චි කරලම බලන්න. තවත් software ගැන දන්න යාළුවො ඒ ගැනත් කියලා යන්න.





Tuesday, November 22, 2011

Hard Disk - Dynamic

Windows 7 පාවිච්චි කරන  අයනම් අහලා ඇති මේ Hard disk Dynamic කථාව. මොකද windows 7 වල අපිට  අවශ්‍ය විදිහට XP වල වගේ primary partition හදන්න බෑ උපරිම 3 යි හදන්න දෙන්නෙ. ඊට වඩා හැදුවොත් වෙන්නේ Basic Hard disk එක Dynamaic Disk එකකට covert  වෙන එක. මේකෙදි වෙන අවාසිය තමයි ආයි අළුතෙන් Windows දාන්න ගියාම Hard disk එක පෙන්නන් නැති එක. එතකොට වෙන දේ දන්නවනේ ඉතින් ආයිත් Windows  install කරන්න බැරි වෙනවා.

මේ වෙලාවට ඉතින් කරන්න තියෙන දේ තමයි  Dyamic Hard එක ආයිත්  Basic එකකට convert කරගන්න එක. මගේ යාළුවෙකුට දවසක් ඔය වැ‍ඩේ වුනා.ඒ වෙලාවේ Hard එක ගොඩ දැම්මේ PowerQuest PartitionMagic 8.0 software එකෙන්. මේ Link එ‍කෙන් software එක download කර ගන්න පුළුවන්. වෙන software ගැන දන්න අය ඉන්නවනම් ඒ ගැන comment එකකුත් දාලාම යන්න. 

Friday, November 18, 2011

Pen drive එකෙන් Windows Install කරමු

මුලින්ම මේ සදහා Capacity එක අඩුම තරමේ 4GB වත් වෙන Pen Drive එකක් ගන්න ඕනිදැන් Windows Command Prompt එක open කරලා පහල තියෙන පියවරවල් වල තියෙන commands අනුපිළිවෙලට කරන් යන්න.

පියවර 1 - diskpart
පියවර 2 – list disk

දැන් ඔයාලට මේ වගේ Screen එකක් ලැබෙයි.










පියවර 3 – select disk 2
මෙතනදි disk  එක විදිහට තෝර ගන්නෙ ඕනි ඔයාලගෙ pen drive එක

පියවර 4 – clean 
පියවර 5create partition primary 
පියවර 6format fs-fat32 quick
පියවර 7active
පියවර 8 – exit

දැන් ඔයාලගෙ Screen එකත් මේ වගෙ ඇති.




දැන් අපේ වැඩේ සදහා pen drive එක සූදානම්.දැන් Windows setup files ටික pen drive  එකට copy කරගන්න.
අන්තිමට pen drive  එකෙන් computer එක boot කරලා Windows setup කරගන්න පුළුවන්.





Sunday, October 30, 2011

USB - pen write protected

සමහර වෙලාවට pen drive එක format කරන්න ගියාම "Disk is write protected, Format cannot be completed" යන Message එක ඔයාලටත් ඇවිල්ලා ඇති. මටත් ඔය දේ එක පාරක් වුනා. ඒ වෙලා‍වෙදි මම pen එක ගොඩ දාගන්න පාවිච්චි කරපු Software එක තමා ‍‍මේ Repair_v2.9.1.1

සමහර වෙලාවට ඔයාලටත් උදව් වෙයි try කරලා බලන්න.ඔයාලා දන්න වෙන software තියෙයිනම් කියල යන්න.ඔයාලට කරන්න තියෙන්නෙ pen drive එක computer එකට සම්බන්ධ කරලා උඩ link එකේ තියෙන software එක Run කරලා Ok කරන්න විතරයි. වැඩේ හරි ගියොත් comment එකකුත් දාලාම යන්න.